banner-image

අපි ගැන

ලක්දෙරණ ඉන්වෙස්ට්මන්ට්ස්

ලක්දෙරණ ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් යනු, 2006 මාර්තු 6 මස වන දින ආරම්භ කරන ලද සීමිත වගකීම් සහිත ශ්‍රී ලාංකික සමාගමකි. (1982 අංක 17 දරන සමාගම් පනත යටතේ පළමුව ලියාපදිංචි කරනු ලැබ, 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සමාගම් ලියාපදිංචි අංක PB 384 සහිතව නැවත ලියාපදිංචි කරනු ලැබ ඇත) ලෝකය වැඩි දියුණු කිරීම සඳහාත්, වඩා හොඳ හෙට දවසක් උදා කිරීම සඳහාත් හැකියාව ඇති පුද්ගලයින්, අදහස් සහ කර්මාන්ත පිළිබඳව අපි සැමවිටම උනන්දු වෙමු. ලක්දෙරණ ආයතනය, ස්වකීය ශාඛා 30 ක් සාඩම්බරයෙන් කළමනාකරණය කරන අතර සේවක සේවිකාවන් 190 දෙනෙකු සේවයේ යොදවා ගනිමින් පාරිභෝගිකයින් 45,000 කට අධික පිරිසක් වෙනුවෙන් සේවා දායකත්වය සපයයි.
දැක්ම
ශ්‍රී ලංකාවේ ඉහළම ඉල්ලුම ඇති අති විශ්වසනීය කුලී සින්නක්කර විසඳුම් සපයන්නා බවට පත්වීම.
මෙහෙවර
• කුලී සින්නක්කර විසඳුම් ලබා දීමේ ව්‍යාපාරයේ අපි යෙදී සිටින්නෙමු.
• විශ්වාසනීය සහ ප්‍රසන්න කාර්යමණ්ඩල කණ්ඩායමක් මගින් ලැබෙන දායකත්වය පිළිගෙන ඒ හරහා ඔවුන් වෙත ප්‍රතිලාභ පිරිනැමෙන පරිසරයක් තුළ අප අපගේ ගනුදෙනුකරුවන්ට ප්‍රායෝගික වූ ද, පහසු වූ ද, වේගවත් හා මිත්‍රශීලී සේවා අත්දැකීමක් ලබා දෙන්නෙමු.
• ගනුදෙනුකරුවන්ගේ ජීවනෝපාය හා සමාජ සංවර්ධනය උදෙසා දායක වන අතරම අපගේ ගමන් මග ලාභදායී ලෙස ව්‍යාප්ත කිරීමෙහිලා අපගේ කොටස් හිමියන්ගේ අභිලාෂ ඉටු කරනු පිණිස ද ප්‍රමුඛත්වය දී අපි කටයුතු කරන්නෙමු.

ඉතිහාසය

ලක්දෙරණ ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් ආයතනය උද්‍යෝගිමත් තරුණ ව්යවසායකයින් කණ්ඩායමක් විසින් 2006 වර්ෂයේ දී ආරම්භ කරන ලද්දේ, “එක්තරා සුවිශේෂී ආකාරයක“ ගෘහස්ථව වැඩෙන ණයදීමේ ආයතයනයක් වීමේ අරමුණින් එවැනි විකල්ප ණය මාර්ග ඊට කලින් ලබා ගැනීමේ අවස්ථාව නොලැබ සිටි සමාජයේ හඳුනාගත් කිසියම් ජන කොටසකට මූල්‍ය විසඳුම් සලසා දීම උදෙසා ය. 2006 වසරේ රාජගිරියේ පිහිටි අපගේ ආරම්භක ශාඛාවේ සේවකයින් 7 දෙනෙකුගෙන් සමන්විතව ආරම්භ වූ අප සමාගම අද වන විට විශාල ශාඛා ජාලයක් දක්වා ව්යාප්ත වී ඇත.

ආයතනික සමාජ වගකීම

අපගේ සේවක සේවිකාවන්, ගනුදෙනුකරුවන් සහ සැපයුම්කරුවන්ගේ අපේක්ෂාවන් ඉක්මවා යමින් කටයුතු කරන අතරම, ප්‍රජාවට සහ පරිසරය වෙත ද අපගේ දායකත්වය පෙරළා ලබා දීම උදෙසා අපි ඇප කැපව සිටින්නෙමු. අවදානම අවම කරමින් එය ඵලදායී ලෙස කළමනාකරණය කෙරෙන හා පාර්ශවකරුවන් වෙත අපගේ වටිනාකම නිරූපණය කෙරෙන ශක්තිමත් ව්‍යාපාර කාර්ය සාධනයක් අප විසින් පවත්වා ගෙන යනු ලබන්නෙමු. අප විසින් ගිවිස ගනු ලබන ගිවිසුම්වල එකඟ වූ නියමයන්, කොන්දේසි සහ සබඳතාවයන්හි පදනම ඒවායේ පැහැදිලිව සඳහන් වන බවටත් ඒවා අසාධාරණ ව්යාපාරික භාවිතයන්ගෙන් ආරක්ෂා වන ආකාරයෙන් ක්‍රියාවට නංවන බවටත් අපි සහතික වන්නෙමු.

සහතික හා ප්‍රදාන

Vijay Chugh
2012
Vijay Chugh
2012
Vijay Chugh
2012
Vijay Chugh
2012
Vijay Chugh
2012