අපගේ සේවාවන්

ලක්දෙරණ කුලී සින්නක්කර සේවා

වසර පහක් දක්වා කොන්දේසි සහිත සේවාවන් සමග වාහනය වෙනුවෙන් උපරිම හිමිකම් ලබා ගත හැක.

Anything TukTuk

ත්‍රිරෝද රථ සොයා ගැනීමේදී අපගේ පාරිභෝගිකයින්ට හැකි උපරිම සේවාවක් ලබා දීමට Anything TukTuk හරහා අපි උත්සාහ කරමු.

රන්සවිය රන් ණය

ඉහළම වෙළඳපළ වටිනාකමක් ලබා දෙමින් ඔබගේ පුද්ගලික රන් ආභරණ වෙනුවෙන් ක්ෂණික මුදල් හෝ ණය මුදල් සඳහා වන විසඳුම් අප විසින් සලසා දෙනු ලබන්නෙමු.

ඔබ අප තෝරාගත යුත්තේ ඇයි?

එක්දින ණය පහසුකම්
සේවාවන් දොරකොඩටම
වසර 17 ක විශිෂ්ටත්වය
සවිස්තරාත්මක උපදෙස් ලබා දීම
අලෙවි කරන ජාලයක්
"BB" ශ්‍රේණිගත කිරීම

0

පාරිභෝගික සේවය

0

සේවක සමුහය

0

වසර ගණනාවක් පුරා
ව්‍යාපාරය තුළ නියැලී සිටීම

0

ශාඛා

ලක්දෙරණ ඉන්වෙස්ට්මන්ට්ස්

වසර 2006 දී ආරම්භ කරන ලද ලක්දෙරණ ඉන්වෙස්ට්මන්ට්ස් ආයතනය, සිය පාරිභෝගිකයින් විෂයයෙහි ප්‍රමුඛත්වය ලබා දුන් වෙනසක් සහිත මූල්‍ය සේවා සමාගමක් ලෙස සිය සේවා දියත් කළේය. විශේෂයෙන්ම, ත්‍රිරෝද රථ සහ පාවිච්චි කළ වාහන සඳහා කුලී පදනම මත වන පහසුකම් අප විසින් සලසා දෙනු ලබන්නෙමු. අද වන විට, අප දිවයින පුරා ශාඛා 30 ක ව්‍යාපාර කටයුතු හසුරුවන අතර පුද්ගලයින් 190 දෙනෙකු සේවයේ නිරතව සිටිමින් පාරිභෝගිකයින් 45,000 කට වැඩි පිරිසකගේ සේවය සලසා දී ඇත. අප, අපගේ ගනුදෙනුකරුවන් විෂයයෙහි සුවිශේෂී අත්දැකීම් එක් කර දෙන කීර්තිමත් ආයතනයක් වන අතර ඔවුන්ගේ විශ්වාසය ගොඩනගා ගැනීම උදෙසා එහි ඉහළම තලය හෝ ඉන් ඔබ්බට යාම සඳහා අප ඇප කැපවී සිටින්නෙමු.

අපෙන් සමාජයට

ගනුදෙනුකරුවන් අප ගැන පවසනුයේ මොනවාද?

මම දැන් අවුරුදු 7ක් විතර ලක්දෙරණ දඹුල්ල ශාඛාව සමග ගනුදෙනු කරනවා. 2015 දී මුලින්ම මටම කියලා ත්‍රීවීලර් එක ගත්තේ ලක්දෙරණ දඹුල්ලෙන් ෆිනෑන්ස් එක දාලා.  ඉන්පසු මම මගේ පුද්ගලික අවශ්‍යතාවයන්වලට සහා නිවාස අලුත්වැඩියා කරගැනීමට වගේම මගේ පුතාගේ අධ්‍යාපන කටයුතු වලටත් ලක්දෙරණ ආයතනයෙන් මගේ ත්‍රීවීල් එක රී-ෆිනෑන්ස් කරලා මුදල් ලබාගෙන තියෙනවා. ඒ හැම අවස්ථාවකදීම ඉක්මනින්ම එක් දිනක් ඇතුලත මුදල් ලබා දුන්නා. ඒක අපිට ගොඩක් වටිනවා.

ගොඩක් හොද සේවාවක් මෙම ආයතනයෙන් මට ලබාදෙනවා.රටේ ඇති වුන ප්‍රශ්නවලදී අපිට හරියට ෆිනෑන්ස් එකට සල්ලි දාගන්න බැරි උන අවස්ථාවලදී පවා සුහදශීලී සේවාවක් සහා යම් යම් සහන ක්‍රම ලබා දුන්නා. සේවය කරන කාර්ය මණ්ඩලයත් හරි සුහදශීලී විදියට අපිත් එක්ක කතා කරලා ඉන්නවා.

ඇත්තටම ලක්දෙරණ කියන්නේ හොද ආයතනයක්. මට නැවත මුදල් අවශ්‍යතාවයක් උනොත් අනිවාර්යෙන්ම නැවතත් ලක්දෙරණ ශාඛාව සමගින් ගනුදෙනු කිරීමට බලාපොරොත්තු වෙනවා.

M.G. Saman Kithsiri

කම්පැනි එකෙන් කඩිනමින් ෆිනෑන්ස් එකක් ද ගන්න පුළුවන් ඒ වගේම පොලි අඩුව වාරිකෙත් අපිට සරිලන ගානට ලබාගන්න පුළුවන් කොහෙවත් රස්තියාදු වෙන්න ඕනෙත් නැ…. කම්පැනි එකට ගොඩක් ස්තුති ඒ වගේ ෆිනෑන්ස් එකක් ලබා දුන්න එකට.

W. Roshen Pradeep Fernando

හොදම ලීසිං කම්පැනි එක තමයි ලක්දෙරණ. කිසිම වදයක් නැතුව ඕනම දෙයක් කරලා දෙනවා හරිම හොදයි. මාසේ වරිකේ අරන් යන්න ගෙදරටම එනවා.

N.T .Sampath

මම සී ඇම් තිලක් ජයරත්න දෙකටන හැ.අ.760641600ව්මාගේ වාහන අංකය ව්ප්.එච්ඛ් – 6090 මා 2015 සිට ගම්පහ ලක්දෙරණ ආයතනයේ ගනුදෙනු කරුවෙක් මට මේ දක්වා මෙම ආයතනය මගින් ලබාදූන්නා වූ සහයොගයට යම් වටිනාකමක් ලබාදීමට අදහස්කලෙමි විශේෂයෙන් රටේ විටින් විට ඇතිවුනාවු ගැටලූකාරී අවස්ථාවන් වලදී කෝරෝනා සමයේ නයනා මහත්මිය අපට දුරකථන ඇමතුම් පවා ලබාදූන්නා මගේ ණයට අමතරව හතලිස් දහසක ණයක් ලබාදෙමින් අපගේ ඡීවිතසූරක්ෂීත කීරීමට කටයුතු කලා අපගේ පවුල්වල දුකසැප.රැකියාව පිලිබදව වීමසමින් අපට ලබාදූන්නා වූ සහයෝගය ආගයකරමී.කල්බදූ දීර්ඝ කිරීමට ගියහෑම අවස්ථා වකම අවවස්ය දොකරදූන්නා මේනීසා ම තවදුරටත් ලක්දෙරණ සමග ගනුදෙනු කරන්නේ ඉතාම කැමැත්තෙන් බව දන්වමී ලක්දෙරණ දීනෙන් දීන දියුණුවට පත්වෙවායි සූභ පතමී හැමෝටම සූභ නව වසරක් වේවා බූදූසරණයී.

S.M. Thilak Jayaratne

I am grateful for your support and appreciate the timely insight and guidance you provide. I really appreciate your trust in me.

M P J P Perera

ලක්දෙරණ ආයෝජන සමාගම.වරකාපොළ ආයතනයේ සේවය ඉතාමත් හොදයි . විශේෂයෙන් කියන්න ඔනේ එහි වැඩ කරන මහත්වරු සහොදරයෝ මෙන් හොදව අප සම්බන්දව සුහදව වැඩ කරනව … කතා කරනකොට උනත් හරිම නිහතමානීව කතා කරනවා ඉතින් … මං ලක්දෙරණ ආයතනයට මාගේ ස්තුතිවන්ත වෙනවා…

S.Amila Kumara

මම කඹුරුපිටියේ උපුල් ශාන්ත.මං වාහනය හයර් කරලා තමයි මගේ දරු පවුලට කන්න අදින්න දෙන්නේ… කොරෝනා දවස්වල මුකුත්ම කරගන්න බැරුව ඉන්නකොට ලහිරු මහත්තයා අපි ගෙන හොයලා බලලා සහන කාලයක් හදලා දුන්නා.නිතරම කතා කරලා හොයලා බැලුවා… එතකොට අර පෙට්රෝල් නැතුව පෝලිම් වල ඉන්න දවස්වල කතා කරලා හොයලා බැලුවා.වාරික දාගන්න සැලස්මක් හදලා දුන්නා… ලීසිං එක දාන මුල්කාලේ තියෙන සුහදශීලීත්වය අපි අසරණ වුන වෙලාවෙත් දෙන එක තමයි වැදගත්කම.එහෙම ආයතන අද ඇත්තෙම නැතිතරම්… මේ වෙනකොට ත්රිවිල් එක හයර් කර⁣ගෙන ගෙදර වියදම් එහෙම බලාගෙන වාරිකේ දාගෙන ඉන්නේ ලක්දෙරණ හින්දා තමයි… ලක්දෙරණ මාතර ශාඛාවේ ලහිරු මහත්තයා,මැනේජර් මහත්තයා වගේම කැෂියර් එකේ ඉන්න මිසුත් වාරිකේ දාන්න ආවම හිනා වෙලා කතා කරනවා වගේම ⁣වචනේකින් හරි මට ගොඩාක් උදව් කරලා තියෙනවා… අපි වෙනුවෙන් ඉන්න ලක්දෙරණ ආයතනයට සුබ පැතුම්..

A.P.Upul Shantha